P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

වන අලි නිසා පීඩාවට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයට සහනයක්

වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ, දේපළ හෝ වගා හානි වූ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල මගින් අපේක්ෂා කෙරේ.

ඒ සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර, ඊට අදාළ සුදුසුකම් පහත පරිදි වේ.

• වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් ඒකකයක් වීම
• වන අලි ගම් වැදීම හේතුවෙන් දේපල හානි / වගා හානි සිදු වූ පවුල් ඒකකයක් වීම
• ප්‍රාදේශීය ලේකම්ගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් වීම
• 1 ශ්‍රේණිය සිට අ. පො. ස. සාමාන්‍ය පෙළ දක්වා හෝ අ. පො. ස. උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුල් ඒකකයක් වීම
• 2025.01.01 දින හෝ එම දිනෙන් පසු දිනකදී අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් ඒකකයක් වීම
• දැනටමත් ජනාධිපති අරමුදල විසින් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස. උසස් පෙළ ‍ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවෙක් නොවීම

මේ සඳහා අයදුම් කිරීමට පහත සබැඳිය ඔස්සේ අදාල අයදුම්පත්‍රය පුරවා ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් වෙත භාර දෙන්න.

අයදුම්පත්‍රය බාගත කරන්න – මෙහි Click කරන්න

වැඩි විස්තර සඳහා පහත සබැඳින් භාවිත කරන්න

දුරකතන – 0112354354
විද්‍යුත් – prefund@presidentsoffice.lk
වෙබ් අඩවිය – www.presidentsfund.gov.lk
ලිපිනය – ලේකම්, ජනාධිපති අරමුදල, ස්ටෑන්ඩඩ් චර්ටඩ් ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01.

Top