නැත. දැන් අයදුම්කරුට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පත්‍රය භාර දිය හැකිය.
නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥාතියෙකුට ඉල්ලුම් කළ හැකිය.
නැත. සැත්කම / ප්‍රතිකාරය සිදු කර ගෙන රෝහලෙන් බැහැර වූ දින සිට දින 60ක් ඇතුළත අයදුම්පත්‍රය ලබාදීම කළ හැකිය. (සති අන්ත දින හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව)
නැත. ඒ ඒ සැත්කම් / ප්‍රතිකාර සඳහා ලබා දෙන මුදල් සම්බන්ධ විස්තර සඳහා මෙම සටහන බලන්න (සබැඳිය – අනුමත රෝග හා මුදල් ලැයිස්තුව)
ඔව්. අයදුම්පත්‍රය ලබාදීමේදී අදාල ආයතනවලින් නිකුත් කරනු ලබන බිල්පත් හා කුවිතාන්සිවල මුල් පිටපත් ලබාදීම අනිවාර්ය වේ.
වෙනත් ආයතන (උදා: අග්‍රහාර, රක්ෂණ ආයතන ආදී) මඟින් මුදල් ලැබීම අයදුම් කිරීමට බාධාවක් නොවේ. සැත්කම / ප්‍රතිකාරයට අදාල වියදමින් 50%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකී අවස්ථාවන් හරහා ආවරණය වී ඇත්නම් අරමුදලින් ආධාර ලබා දෙනු නොලැබේ.
ඔව්. රජයේ සේවකයින්ට ද ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය.
ඔව්. අවස්ථා තුනකදී අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි අතර, උපරිම ලක්ෂ 10ක් දක්වා වෛද්‍යාධාර ලබා ගැනීමට හැකිය.
නැත. රජයේ රෝහල්වලින් සිදු කරන ලද සැත්කම් සඳහා ගෙවීම් සිදු නොකරන අතර, අනුමත රෝග ලැයිස්තුවේ ඇති රජයේ රෝහල් සම්බන්ධයෙන් වන රෝග ලැයිස්තුව හා උපකරණ වෙනත් ආයතවලින් මිලදී ගැනීම් වෙනුවෙන් අනුමත විධිවිධානයන්ට යටත්ව අයදුම් කළ හැක.
වෙනත් විශේෂ හේතුවක් නොැමැතිනම් හා රෝගියා නිසි පරිදි සියලු ලේඛනද සමඟ අයදුම්පත භාරදී ඇත්නම් ගෙවනු ලබන කාලය දින 3 – 5 පමණ විය හැකිය.
ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයකට එළඹෙනු ඇත.